ඩුබායිහි සැඟව සිටින හයිබ්‍රිඩ් සුරංග නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින්.
අත්අඩංගුවට ගැනුණු සැකකරු මින් පෙරද බන්ධනාගාර ගතව සිටි අයෙක් බවත් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ද ඇප මත සිටින අයෙකු බවත් වාර්තා වනවා.
සැකකරු ගාල්ල බෝපේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව අයිස් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 45ක්ද තිබී සොයාගෙන තිබෙනවා.
සැකකරු රඳවාගැනීමේ නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













