නව සංක්‍රාන්ති කවුන්සිලයේ දිවුරුම දීමත් සමග හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි ඉල්ලා අස්වී තිබෙනවා.
හයිටිය තුළ විවිධ මාරාන්තික කල්ලි සිදු කළ ප්රචන්ඩත්වය හමුවේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පසුගිය මාර්තු මාසයේදී හෙන්රි මහතා එකඟ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව නව සංක්‍රාන්ති කවුන්සිලයේ සාමාජිකයින් 09 දෙනෙකු මේ වන විට දිවුරුම් දී ඇති අතර, ඉන් 07 දෙනෙකු හට ඡන්ද බලතල හිමිව තිබෙනවා.
හෙන්රි අග්‍රාමාත්‍යවරයාගේ මුදල් ඇමති ලෙස කටයුතු කළ මයිකල් පැටි්රක් බොයිස්වර්ට් නව අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.