ටී 56 ගිනි අවියක් රැගෙන කඳවුරෙන් පලා යමින් සිටි යුද හමුදා සෙබළෙකු පලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයියකච්චි පිහිටි පළමුවන යාන්ත්‍රික බලඇණි හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන අඹන්පොල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි යුද හමුදා සෙබළෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මෙම සෙබලා ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන උණ්ඩ 120 ක් ද රැගෙන පලා ගොස් තිබෙන බව පොලිසියට වාර්තා වීමෙන් අනතුරුව පොලිස් නිලධාරින් ක්‍රියාත්මක වී දුම්රියෙන් ගමන් කරමින් සිටි සැකකාර සෙබලා අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.





 


 






 
								