ගාසා සටන් විරාම ගිවිසුමේ පළමු අදියර යටතේ තවත් ප්‍රාණ ඇපකරුවන් කිහිපදෙනෙකු නිදහස් කිරීමට දෙපාර්ශවය සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව, හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙකු සහ ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 369 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ
මෙම සටන් විරාම ගිවිසුම යටතේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කෙරෙන පස්වන අවස්ථාව මෙය බව සදහන්.
ගාසා සටන් විරාම ගිවිසුමේ දෙවන අදියරට අදාළ මූලික සාකච්ඡා ලබන සතියේ ආරම්භ වනු ඇති බවට හමාස් සංවිධානය බලාපොරොත්තුවෙන් සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.