කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී ජ්‍යෙෂ්ඨ හමාස් නායකයින් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අදාළ ප්‍රහාරය සිය සාම සාකච්ඡා කණ්ඩායම ඉලක්ක කර ගනිමින් එල්ල කර ඇති බවයි හමාස් නිලධාරියෙකු සදහන් කලේ.
කෙසේ වෙතත් ඊශ්‍රායල ප්‍රහාරය පිලිබදව තමා ද නොසතුටින් පසුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර ජ්‍යෙෂ්ට හමාස් නායකයින් රැඳී සිටින ස්ථානයක් ඉලක්ක කරගනිමින් .
සාම සාකච්ඡා සඳහා මෙම හමාස් නියෝජිතයින් පිරිස එම ස්ථානයේ රැඳී සිට තිබෙනවා.
ඊශ්‍රායලයේ මෙම නොසැලකිලිමත් හැසිරීම හා කලාපයේ ආරක්ෂාවට ඔවුන්ගෙන් එල්ල වන තර්ජනය තවදුරටත් නොඉවසන බවයි කටාර් විදේශ අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
එමෙන්ම කටාර් රාජ්‍යය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව ජගත් සංවිධාන ද නිවේදනය කරනවා.
මෙම පසුබිම තුළ අදහස් දක්වමින් ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද කියා සිටියේ තමන්ද මෙම ප්‍රහාරය ගැන අසතුටින් පසුවන බවයි.
කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සංවිධාන කළ ජ්‍යෙෂ්ඨ හමාස් නායකයින් ඉලක්ක කරගනිමින් තමන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.