මැයි මස 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට බහුතර බලයක් හිමි වූ හම්බන්තොට මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබෙනවා.
ඒ අනුව නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමෙන් නගරාධිපති ධුරය සමගි ජන බලවේගයට ලබාගැනීමට හැකි ව තිබෙනවා.
ඒ අනුව හම්බන්තොට නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් අපේක්‍ෂකයා වූ ඩී.ඒ. ගාමිණි මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් තේරී පත් වූවා.