හැටන් බස් නැවතම්පොලේ සිට ධාවනයට එක් කර ඇති දුර සහ කෙටි දුර ධාවන ලංගම සහ පෞද්ගලික බස් රථ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා විසින් අද(02) දින හදිසි පරීක්‍ෂාවකට ලක්කෙරුණා.
හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සමග එක්ව මෙම හදිසි පරීක්ෂාව සිදු කරනු ලැබිය.
මෙම පරීක්‍ෂාවේදී ලංගම සහ පෞද්ගලික බස් රථ 28ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
ඉන් ලංගම බස් රථ 13ක් සහ පෞද්ගලික බස් රථ 13ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට මෝටර් රථ පරීක්ෂකවරයා පියවර ගැනුණා.
සිදු කළ හදිසි පරීක්‍ෂාවේදී බස් රථ මගී ප්‍රවාහන සේවයට සුදුසු තත්ත්වයක තිබේද යන්න සම්බන්ධයේන විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
ධාවනයට නුසුදුසු තත්ත්වයෙන් ධාවනයට එක්කර තිබූ ලංගම සහ පෞද්ගලික බස් රථ කිහිපයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට මෝටර් රථ පරීක්ෂකවරයා විසින් පියවර ගත් අතර එම වාහනවල තිබූ අඩුපාඩුකම් දින 14ක් තුළ අලුත්වැඩියා කර මෝටර් රථ පරීක්ෂකවරයාගේ පරීක්‍ෂාවට යළි ඉිදරිපත් කළ යුතු වනවා.
මෙම පරීක්‍ෂාවේදී ඇතැම් බස් රථවල මගීන්ට අන්ත්‍රාදායක ලෙස වාහනයේ සවිකරු තිබූ උපාංග ගලවා ඉවත් කරන ලෙසත් එම බස් රථවල රියදුරන්ට උපදෙස් ලබාදී ඇති අතර එම උපාංග ගලවා යළි බස් රථ මෝටර් රථ පරීක්‍ෂකවරයාට පෙන්වන තෙක් එම බස් රථවලට වාර්ෂික ආදායම් බලපත් නුවරඑළිය පොලිසිය භාරයට ගැනුණා.
ගුණාත්මක සහ ආරක්ෂිත මගී ප්‍රවාහන සේවයක් සැලසීමේ අරමුණින් මෙම හදිසි පරීක්ෂාව සිදු කළ බවත් මෙවැනි පරීක්ෂා කිරීම් නුවරඑළිය දිස්ත්‍රික්කය පුරාම සිදු කරන බවත් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා කියා සිටියා.