හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ පිහිටි මහල් නිවාස සංකීර්ණ ගණනාවක හටගත් විශාල ගින්නකින් පුද්ගලයන් 36 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා .
තවත් 279 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
මෙම ගිනි ගැනීම එම ප්‍රදේශයේ මහල් නිවාස ගණනාවක් පුරා පැතිර ගිය අතර, එය හොංකොං ඉතිහාසයේ මෑත කාලයේ සිදු වූ බිහිසුණුම ගිනි ආශ්‍රිත අනතුරු වලින් එකක් ලෙස මෙය සැලකෙනවා .
මෙහිදී එකිනෙකට සමීපව පිහිටි ගොඩනැගිලි පහක් ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.












