පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවක් නොවැම්බර් මස 4, 6 සහ 7 යන තෙදින සිදු කරන බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.
එහිදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බවයි කථානායකවරයා සදහන් කලේ .
නොවැම්බර් මස 7 වන සිකුරාදා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාප ද ආරක්ෂක පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.
එදිනට මහජන ගැලරිය ආරාධිතයින් සඳහා පමණක් සීමා කරන බවයි කථානායකවරයා සදහන් කලේ .
අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර මුදල් අමාත්‍යාංශය වෙතින් නිකුත් කරනු ලබන අතර, විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තුවට පැමිණීමේ දී රියදුරෙකු සමග පැමිණෙන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.
එදිනට පාර්ලිමේන්තු රථගාල වසා දැමෙන බැවින් මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන රථගාල් වෙත යොමුකරනු ලබන බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා .
එමෙන්ම එම දින වලදී පාර්ලිමේන්තු පරිශ්‍රය තුල විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බවයි කථානායකවරයා වැඩිදුරටත් සදහන් කලේ.













