හක්ගල ජාතික උද්හිද උද්‍යානය දෙස් විදෙස් සංචාකරයින් සඳහා අද(25) සිට යළිත් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
පසුගියදා දිවයිනට බලපෑ දිට්වා සුළි කුණා තත්ත්වයත් සමගින් හක්ගල ජාතික උද්හිද උද්‍යානය තාවකාලිකව වසා දැමුණා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ආපදා කළමනාකරණ මධයස්ථානය විසින් ලබාදුන් තාක්ෂණික නිර්දේශ සහ උපදෙස්වලට අනුව සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කරමින් උද්‍යානය විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි ස්ථාන භාර නිලධාරිවරයා පවසන්නේ.
ආරක්ෂිත හේතූන් මත උද්‍යානයේ ඇතැම් කලාප වෙත ඇතුළුවීම තාවකාලිකව තහනම් කර ඇති අතර එම ප්‍රදේශ අනතුරුදායක බව දක්වන පුවරු මගින් වෙන් කර ඇති බවද වාර්තා වනවා.
එලෙස තාවකාලිකව තහනම් කර තිබෙන කොටස් හැර උද්‍යානයේ සෙසු සියලු කලාප දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීම සඳහා විවෘත වනවා.













