
හංගේරියාවේ ජනාධිපති ටාමාස් සුල්යොක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වී තිබෙනවා. ඒ සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයකට ඔහු අත්සන් තබා ඇති බව සඳහන්. නව අගමැති පීටර් මාග්යෝර් ගේ ‘තිස්සා‘ පක්ෂය විසින් ජනාධිපතිවරයාව ධුරයෙන් ඉවත් කිරීම සඳහා සම්මත කරගත් නව ව්‍යවස්ථා සංශෝධනය මත ඔහු මෙම තීරණය ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.














