සැප්තැම්බර් 23 වැනි දාට යෙදී ඇති සෞදි අරාබි රාජධානියේ ජාතික දිනය සැමරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.
ඒ වෙනුවෙන් කොළඹ ෂඔක් රත්නදීප හී පැවැති උත්සව අවස්ථාවක් සඳහා සෞදි අරාබි තානාපති කාර්යාලයේ ආරාධනයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.
මෙම අවස්ථාව සඳහා දෙස් විදෙස් තානාපතිවරුන්, දේශපාලනඥයන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.
සෞදි අරාබියේ 95 වන ජාතික දිනය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් සනිටුහන් කරන අවස්ථාවක ය.
මෙම කාලය තුළ සෞදි අරාබිය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයල යටිතල පහසුකම් සහ සමාජ අංශ සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.