සෞදි අරාබියේ ජෙඩා නගරයේ තායිෆ් හි අල්-හඩා ප්‍රදේශයේ විනෝද උද්‍යානයක විනෝදාස්වාදය සඳහා ඉදිකර තිබූ උපාංගයක් (Fairground ride) කඩාවැටී සිදු වූ බිහිසුණු අනතුරකින් එහි සිටි 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් කලාපීය ආණ්ඩුකාරවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම එම විනෝද උද්‍යානය ද වසා දැමීමට නියෝග කර ඇති බවද සඳහන්.