ඖෂධ වර්ග 370ක් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීමට එරට රජය එකඟවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
මෙම ඖෂධ වර්ග 370 ලබන මාසයේ මෙරටට ලැබෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ .
මේ අතර ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම ඖෂධ වර්ග 14න් හතක් වසරක කාලයක් සඳහා ප්‍රදානයක් ලෙස පිරිනැමීමට චීන රජය තීරණය කර තිබෙනවා.
එමෙන්ම මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග ලයිස්තු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ මහකොමසාරිස් කාර්යාලයට දැනටමත් බාරදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා .