සෝමාවතිය – සුංගාවිල මාර්ගය දවස් අටකට පසුව ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.
පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා තිබුණා.
පසුගිය දිනවලදී පොළොන්නරුවට ඇදහැළුණු දැඩි වර්ෂාපතනයත් සමගින් මාර්ගය ජලයෙන් යටවීමත් සමග එම මාර්ගය තාවකාලිකව වසා තැබීමට පොලිසිය පියවර ගත්තා.
පැවැති ගංවතුර තත්ත්වය බැස යාමත් සමගින් ඊයේ(25) පස්වරුවේ සිට මාර්ගය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.













