ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු වෙරළට ඔබ්බෙන් පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේවෙතත් මෙම ජාවාරම සඳහා භාවිතා කළ බෝට්ටුව ද විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කලේ.
ඊයේ සොයාගත් එම මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670 ක් අන්තර්ගත වනවා.
මේ අතර තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 156 ක් සහ හෂිෂ් කිලෝග්‍රෑම් 12 ක්ද තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.