සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීම විශේෂ බහුතරයකින් අද(22) සම්මත වූවා.
පනතට පක්ෂව ඡන්ද 181ක් ලැබුණු අතර පනතට විරුද්ධව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ කළේ නෑ.
ඒ අනුව සේවකයින්ගේ අයවැය සහනදීමනා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 181කින් සම්මත වූ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.