සෙවණගල සීනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් එකක් අක්‍රීය වී මාස 4ක් ගතවුවත් අලුත්වැඩියා කර නොමැති බවත් දැනට ක්‍රියාත්මක මෝටර් යන්ත්‍රයත් වසර 35ක් පැරණි නිසා එහි ක්‍රියාකාරීත්වය ද අවිනිශ්චිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙවැනි තත්ත්වයක් තුළ සෙවණගල සහ පැල්වත්තේ සේවය කරන සියලු දෙනාම ගොවි ජනතාව වෙනුවෙන් වැඩිම හඬක් නැගුවේ සමගි ජන බලවේගය බවත් දැනට ඇති එකම හඬ සමගි ජන බලවේගයේ හඬ බවත් වොයිස්කට් දේශපාලනය නොකර අවංකවම දුක කදුළ වේදනාව ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගෙන ප්‍රශ්න හඳුනා ගෙන ඇති මුත් වත්මන් රජයට මේවා ඉදිරිපත් කරන විට ඒවා ගණන් නොගන්නා බවත්, වත්මන් රජයට දැන් ගොවියාගේ කම්කරුවාගේ දුක කදුළ වේදනාව නොතේරෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (13 දා) සෙවණගල සීනි කර්මාන්තශාලාවේ උක් ගොවීන්ගේ ගැටලු සොයා බැලීමට ගිය ගමනේදීය.
මේ වනවිට සෙවණගල ගොවියන්ට රු. ලක්ෂ 2050ක් ගෙවීමට ඇති බවත්, අර්ථසාධක ලෙස රු. ලක්ෂ 150ක් සැපයුම්කරුවන්ට රු. ලක්ෂ 1000ක් හා වැට් බදු රු. ලක්ෂ 4000ක් ගෙවීමට ඇති බවත්, සේවකයන් 1400කට ආසන්න ප්‍රමාණයක් සහ ගොවි ජනතාව 4500ක් සිටින මුත් මේ අය ගැන අබමල් රේණුවක හැඟීමක් රජයට නොමැති බවත් විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ සිට බොරු කිය කිය පච දේශපාලනය නොකර මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අධ්‍යක්ෂ මණ්ඩල සමග සෙවණගල සහ පැල්වත්තට විත් ඡංගම සේවාවක් පවත්වා මේ ගැටලුවලට විසඳුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.