දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස වෙනුවට නව නිවාස ඉදිකර දීම හා ආපදා වන්දි ප්‍රදානය කිරීම අද මහනුවරදී ආරම්භ වුණා.
ඒ, ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම උත්සවය පැවැත්වුණේ කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී.
එහිදි පූර්ණ නිවාස හානි වූ පවුල් සඳහා ලබා දීමට නියමිත රුපියල් ලක්ෂ 50ක මුදලේ ප්‍රථම වාරිකය වන රුපියල් ලක්ෂ 20 ප්‍රදානය කිරීම සිදු කෙරුණා.
මීට අමතරව, සුළි කුණාටුවෙන් පීඩාවට පත් කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කර්මාන්තකරුවන්ට වන්දි පිරිනැමීමද සිදු වුණා.
මේ අතර ආපදාවට පත් වූ පවුල් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් ප්‍රදානය සහ වන්දි ලබා දීම අද පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
එමෙන්ම මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයේ මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම ද අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.












