ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 95 වන සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.
ආනන්ද විද්‍යාලය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 324ක් ලබා ගත් අතර ඉන් පසුව ඉනිම අත්හිටුවා නාලන්දා විද්‍යාලයට පන්දුවට පහර දීමට ලබා දුන්නා.
ඒ අනුව නාලන්දා විද්‍යාලය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 325ක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවා නැවතත් පන්දුවට පහර දීමට ආනන්ද විද්‍යාලය අවස්ථාව ලබා දී තිබෙනවා.
සිය දෙවනි ඉනිම සඳහා පන්දුවට පහර දීමට පිටියට පිවිසි ආනන්ද විද්‍යාලය දිනය නිමාවන විට කඩුලු 1ක් දැවී ලකුණු 27ක් රැස් කර ගැනීමට සමත් වුණා.
ඒ අනුව තරගය ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 95 වන සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.