ලක්ෂ 20ක අල්ලස් ලබාගත් සුරාබදු නිලධාරීන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති එස්. සංජීව මහතාට ලැබුණු බුද්ධි තොරතුරක් අනුවයි වැටලීම සිදු කර ඇත්තේ.
මෙම නිලධාරීන් තිදෙනා විසින් හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පසුව ඔහුව චන්කානෙහි පිහිටි සුරාබදු කාර්යාලය වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු සතුව තිබූ ජංගම දුරකථනයෙන් ඔහුගේ සහෝදරිය වෙත අමතා අදාළ පුද්ගලයා නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් අවශ්‍ය බව පවසා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධව අදාළ කාන්තාව කළ පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමකදීයි අදාළ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.