සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලදාරීන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පස් දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අදාළ නිලධාරීන් පස් දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.
එලෙස ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව එම නිලධාරීන් පස් දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.










