ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අතර හමුවක් අද (10) පැවැත්වුණා.
ඒ නීතිඥ එම්. ඒ. සුමන්තිරන්ගේ කොළඹ පිහිටි නිවසේදීයි.
මෙම හමුවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.