සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත මහත්මිය පවසනවා.
අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදී අසූසා කුබෝටා මහත්මිය මේ බව සදහන් කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ .
ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම වෙනුවෙන් සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සහ කාර්ය මණ්ඩල පුහුණු කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය තවදුරටත් ලබා ගැනීම යන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
රාජ්‍ය නිලධාරින්ගේ සදාචාරාත්මක හැසිරිම් ප්‍රවර්ධනය කරමින් රාජ්‍ය ආයතන තුළ සුපිළිපන් සංස්කෘතියක් වර්ධනය කිරීමට වැඩසටහන් හඳුන්වා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි සදහන් වන්නේ.