සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩ නැඟීම සඳහා රජය ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය පවසනවා. ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සමග පැවති හමුවකට එක්වෙමින් ඇය මේ බව සංධ්ක කර තිබුණා. එහිදී රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සහ කාර්ය මණ්ඩල පුහුණු කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය තවදුරටත් ලබා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. මේ අතර රාජ්‍ය ආයතන තුළ දූෂණය වැළැක්වීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීතිය බලාත්මක කිරීමට සහාය වීම මෙම ඒකක පිහිටු වීම මගින් අපේක්ෂා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













