නීති විරෝධීව මෝටර් රථයක් එකලස් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා ඇප මත මුදා හැරුණා.
සූජීව සේනසිංහ මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
රුපියල් කෝටි 10ක් වටිනා වී 8 වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
එම චෝදනා අධිකරණය හමුවේ අද කියවා දුන් අතර සේනසිංහ මහතා එහිදි පැවසුවේ තමන් නිවැරදිකරු බවයි.