පොළොන්නරුව, සුංගාවිල – සෝමාවතිය මාර්ගය යළිත් ජලයෙන් යටවී තිබෙනවා.
පවතින අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම යළි ඉහළ යාමත් සමග මාර්ගයේ සැලකිය යුතු කොටසක් ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සජුන්ත ඒකානයක මහතා කියා සිටියේ.
එම නිසා තාවකාලිකව එම මාර්ගය වසා දැමීමට පියවර ගත් බවද දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියා.
මෙම මාර්ගය භාවිත කරමින් සෝමාවතිය රජ මහා විහාරයට යන බැතිමතුන්ට සහ මාර්ගය භාවිත කරන සෙසු පිරිස් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පොළොන්නරුව ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බැවින් විමසිල්ලෙන් පසුවන ලෙසට ජනතාවට දැනුම්දී තිබෙනවා.











