කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 16 වැනි වරටත් පැවැති රන් කුසලාන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් වූනා.
කොළඹ ීක් ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැති මෙම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 36ක තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූ අතර ඒ අනුව ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය මහානාම විද්‍යාලය විසින් දිනා ගත්තා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලය සියලුදෙනා දැවී ලකුණු 116ක් ලබා ගැනීමට සමත් වුනා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ශනෙල් බිනුශ්කයි.
ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වුනා.
කඩුලු දවා ගැනීමේ දී ගිමන්ත දිසානායක ලකුණු 16කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහානාම විද්‍යාලයීය තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වු අතර අවසානයේ තරගය නතර කරන විට මහානාම විද්‍යාලයීය ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 95ක් ලෙසින් දැක් වුනා.
ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එහිදී 16 වැනි වරටත් පැවැති රන් කුසලාන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් වූවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














