සීප්පුකුලම ප්‍රදේශයේදී වන අලියෙකු පිලිස්සිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා එළැඹෙන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා අද(18) නියෝග කර තිබෙනවා.
එලෙස හිංසාවට පත් වන අලියා ජීවිතක්ෂයට පත්වූ අතර වන අලියාට හිංසා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූවා.
සිද්ධියට සැකපිට සීප්පුකුලම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 42ක්, 48ක් සහ 50ක් වූ පුද්ගලයන් තිදෙනෙක් මිහින්තලය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා.
අලියාගේ වකුගඩු හා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් සහ පිලිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු හේතුවෙන් වන අලියා මරණයට පත්ව ඇති බවට සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය කර ඇති බවයි වාර්තා වන්නේ.













