සීතාවක ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට එරෙහිව ගොනු කළ පෙත්සමේ නියෝගය ලබන සදුදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දී තිබෙනවා. මේ අනුව එදින දක්වා අදාළ නිලතල සඳහා තෝරා ගැනීමේ ඡන්ද විමසීම නොපවත්වන ලෙස වග උත්තරකාර පාර්ශවයට උපදෙස් ලබා දෙන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇතැයි සඳහන්. අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනු ඇති. සීතාවක ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර එහි වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් නම් කර තිබුණා.
උණුසුම් පුවත්
- ඩී.එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
- තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්
- ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
- ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 120 ක හදිසි ආධාර
- හිටපු අමාත්‍ය සී.බී රත්නායකට ඇප
- ධම්මිකට ඇප – හිටපු ඇමැති අර්ජුනත් අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට කියයි
- නුවරඑළියේ ආපදාවට පත් පාසල් ළමුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මහා කරුණා බෞද්ධ සංගමයෙන්
- කසළ තේ තොගයක් සමග සැකකරුවක් මාට්ටුයි













