අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පොලිසියට ලද තොරතුරක් මත කරන්දෙණිය, 03 කණුව ප්‍රදේශයේදී ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදු කර ඇති බවයි.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08 ග්‍රෑම් 580ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කරන්දෙණිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 39ක් පමණ වන කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු හෙට(22) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













