සීගිරි ආශ්රිත කලාපයේ සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සීගිරිය ආශ්රිත කලාපය සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීම, ආදායම් උත්පාදනය හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ඩොලර් මිලියන 15ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මෙයට සමගාමීව සීගිරිය වැව සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි සංවර්ධනය කිරීමට නියමිතයි .
මීට අමතරව දඹුල්ල දිගම්පතන කසල කළමනාකරණ ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් මෙම සංවර්ධන සැලැස්මට ඇතුලත් වනවා.