13 වන ආරක්ෂක සේවා, කරාතේ තරගාවලිය මෙම මස 04 සහ 05 යන දෙදින තුළ පැවැත්වුනා.
ඒ පනාගොඩ යුද හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස යුද හමුදා කරාතේ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ආර්. ඩී. සලේ මහතා සහභාගී වුනා.
එම තරගාවලිය තුළදී යුද හමුදා ක්‍රීඩකයින් පිරිමි අංශයෙහි රන් පදක්කම් 06ක් රිදී පදක්කම් 08ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
පිරිමි බර පන්ති 07න් බර පන්ති 06ක ජයග්‍රහණය සහ මුළු ලකුණු 58ක් ලබා ගනිමින් නොකඩවා සිව්වන වරටත් තරගාවලියේ ජයග්‍රහණය යුද හමුදාවට හිමි වුනා.
කිලෝග්‍රෑම් 50ට අඩු කුම්තේ රන් පදක්කම 19 වන ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුවේ ලාන්ස් කෝප්‍රල් ප්‍රියර්දශන විසින්ද, කිලෝග්‍රෑම් 55ට අඩු කුම්තේ රන් පදක්කම 19 වන ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුවේ මාණ්ඩලික සැරයන් බණ්ඩාර විසින් ද, කිලෝග්‍රෑම් 60ට අඩු කුම්තේ රන් පදක්කම 8වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් ඩයස් විසින් හිමි කර ගෙන තිබෙනවා.
කිලෝග්‍රෑම් 67ට අඩු කුම්තේ රන් පදක්කම ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ පළවන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් සිල්වා විසින්ද, කිලෝග්‍රෑම් 84ට අඩු කුම්තේ රන් පදක්කම දෙවන ස්වේච්ඡා පොදු සේවා බළකායේ සැරයන් කරුණාරත්න විසින්ද, කිලෝග්‍රෑම් 50ට අඩු කුම්තේ රන් පදක්කම පළමුවන යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ මාණ්ඩලික සැරයන් වීරසිංහ විසින් දිනා ගැනීමට සමත් වුනා.