භාණ්ඩ රැගෙන යාමට භාවිත කරනු ලබන ෂොපිං බෑග් (සිලි සිලි බෑග්) නොමිලේ ලබාදීම නොවැම්බර් 01 වන දින සිට තහනම් කර තිබෙනවා.
එලෙස ෂොපිං බෑග් (සිලි සිලි බෑග්)ලබාදෙන්නේ නම් ඊට යම් මිලක් අය කළ යුතු වනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය ඔක්තෝබර් 01 වැනිදා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතාගේ අත්සනින් නිකුත් කෙරුණා.
එහි දැක්වෙන්නෙ කිසියම් වෙළෙන්දෙකු පාරිභෝගිකයාට නොමිලේ ෂොපිං බෑග් (සිලි සිලි බෑග්) ලබාදීම නොකළ යුතු බවයි.
එලෙස බෑග් ලබාදෙන්නේ නම් ඒ සඳහා අය කරන ගාස්තුවද බිලෙහි සඳහන් කළ යුතු බවත් ෂොපිං බෑග් (සිලි සිලි බෑග්) සඳහා අය කරනු ලබන මිලද ව්‍යාපාරික ස්ථානයෙහි ප්‍රදර්ශනය කළ යුතු බවත් අදාළ ගැසට් නිවේදනය දැක්වෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.












