පොදු වෙරළ තීරයන්හි සිරියානු කාන්තාවන් විසින් බුර්කාව පැළදීම අනිවාර්ය කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මගින් මෙම නියෝගය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව කාන්තාවන් විසින් පොදු වෙරළ තීරයන් සහ පිහිණුම් තටාකවල මුහුණ, අත්පා, පාද හැර ශරීරය ආවරණය වන පරිදි බුර්කාවක් පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.
කෙසේ වෙතත් පෞද්ගලික වෙරළ තීරයන්, සමාජ ශාලා සහ තරු පංතියේ හෝටල් සඳහා අදාළ නියෝගය බල නොපැවැත්වෙන බව සඳහන්.