වසරේ අවසන් පුර පසළොස්වක පොහොය දිනය වන උදුවප් පොහොය දිනය අදට යෙදී තිබෙනවා .
මේ වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය ඒ පිලිබදව සැකසු විශේෂාංගයක් .
හඬ පට ධාවකයඅදින් ආරම්භ වන සිරිපා වන්දනා සමය ලබන වසරේ වෙසක් පුන් පොහෝ දිනය දක්වා මාස 06 ක කාලයක් පැවැත්වෙනවා.
මේ අනුව ශ්‍රීපාද පත්මය සුවඳ පැණින් දෝවනය කර චාරිත්‍රාණුකූල පුද පූජා පවත්වා සඳාතුක කරඬුව, සුමන සමන් දේව පිළිමය හා දේවාභරණ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ අද අලුයම තැන්පත් කිරීමටයි කටයුතු කලේ .
පසුගිය 5 වනදා පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල, ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත් කර තිබු සඳාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දේව පිළිමය හා දේවාභරණ සුභ නැකතින් දොරට වැඩම සිදුකල අතර හැටන් -නල්ලතන්නිය, කුරුවිට – එරත්න, පලාබද්දල හා බගවන්තලාව යන මාර්ග 04 ක් ඔස්සේ මෙම පුජා වස්තුන් රැගත් පෙරහැර ගමන් කිරීමෙන් අනතුරුවයි අදාළ පුද පුජා අද අලුයම පවත්වනු ලැබුවේ .
ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා ඇතිව මෙම කටයුතු සිදු කෙරුණා .
අදින් ඇරඹෙන මෙම ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන දෙස් විදෙස් වන්දනාකරුවන් වෙනුවෙන් පොදු පහසුකම් සැපයීමට කටයුතු සූදානම් කර ඇති බව නුවරඑළිය හා රත්නපුර දිසාපතිවරුන් සඳහන් කළා.