හැටන් මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටිනවා.
අප වාර්තාකරු සඳහන් කලේ අද දුරුතු පොහෝ දිනයත් සමග දින තුනක සති අන්ත නිවාඩුවට එම පිරිස් දුම්රිය ආසන වෙන්කරවාගෙන පැමිණෙන බවයි.
හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන වන්දනාකරුවන් ට නල්ලතන්නිය දක්වා ප්‍රවාහන පහසුකම් සැපයීමට දුම්රිය – ලංගම ඒකාබද්ධ බස් රථ රථ සේවයක් ක්රිතයාත්මකයි.
වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේදි පරික්ෂා කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.
(රංජිත් රාජපක්ෂ – හැටන්)














