අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කර සිරදඬුවම් ලබන විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට දිගින් දිගටම වෙනත් අධිකරණ මගින් ද සිරදඬුවම් නියම කිරීම මගින් දැඩි අසාධාරණයක් සිදුවී ඇති බැවින් කඩිනමින් ඔහුට සාධාරණයක් ඉටු කිරීමට පියවර ගන්නැයි ඔහුගේ බිරිඳ වන ජනමාධ්‍යවේදිනි සුධර්මිකා විජේරත්න මහත්මිය ජනාධිපතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබෙනවා
2023.01.24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති අධිකරණයට අපහාස කිරීමේ නඩුවක චෝදනාවට වරදකරු කර වසර 4ක සිරදඬුවම් නියමව, සිරදඬුවම් විඳිමින් සිටියදීම අභියාචනාධිකරණය හා මහාධිකරණය විසින් ද එකී චෝදනාවලට වරදකරු කර මාස හය බැගින් සිරදඬුවම් නියම කර ඇති බවත් 2014 වසරේදී දකුණු පළාත් සභා අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටියදී නීතිවිරෝධී පෙළපාළියක ගමන් කරමින් පොලිස් රාජකාරියට බාධා කළේ යැයි කියන චෝදනාවට වරදකරු කළ ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 28 වැනිදා ඔහුට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇති බවත් සුධර්මිකා මහත්මිය එමගින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා