ජාතික ජනබලවේගය පක්ෂය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, සියලුදෙනා ජනවරමට අනුව වැඩ කිරීමට බැඳී සිටින අතර ජනවරමට එරෙහිව කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය හා දේශපාලන බලය යොදා ගනිමින් එම උත්සාහයන් ව්‍යවර්ථ කිරීමට කටයුතු කරන බවයි.
කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.