තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සියලුම තැපැල් සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙනවා.
පසුගිය 17 වනදා සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බවට නිකුත් කළ ලිපිය අවධාරණය කරමින් ඔහු මෙම නිවේදනය නිකුත් කිරීමට කටයුතු කර තිබුණා.
එහි දක්වා ඇත්තේ විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට නොපැමිණ සිටින නිලධාරීන් හට අගෝසතු මස වැටුප් ගෙවීමට මුදල් නිදහස් නොකරන බවයි.
ඒ සම්බන්ධයෙන් භාණ්ඩාගාරය දැනුවත් කර ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.
තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියලුම සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙසත් අසනීප නම් ඒ සඳහා රජයේ වෛද්‍ය සහතික ඉදිරිපත් කරන ලෙසත් තැපැල්පතිවරයා දැනුම් දී සිටිනවා.
එමෙන්ම සේවයට නොපැමිණෙන නිලධාරීන් සම්බන්ධයෙන් කාර්ය පටිපාටික රීතීන්හි 15 පරිච්ඡේදයේ විධිවිධාන අනුව තනතුර අතහැර ගියා සේ සළකා කටයුතු කිරීමට සිදු වන බව ද තැපැල්පතිවරයා එම නිවේදයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබුණා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














