තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සියලුම තැපැල් සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙනවා.
පසුගිය 17 වනදා සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බවට නිකුත් කළ ලිපිය අවධාරණය කරමින් ඔහු මෙම නිවේදනය නිකුත් කිරීමට කටයුතු කර තිබුණා.
එහි දක්වා ඇත්තේ විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට නොපැමිණ සිටින නිලධාරීන් හට අගෝසතු මස වැටුප් ගෙවීමට මුදල් නිදහස් නොකරන බවයි.
ඒ සම්බන්ධයෙන් භාණ්ඩාගාරය දැනුවත් කර ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.
තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියලුම සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙසත් අසනීප නම් ඒ සඳහා රජයේ වෛද්‍ය සහතික ඉදිරිපත් කරන ලෙසත් තැපැල්පතිවරයා දැනුම් දී සිටිනවා.
එමෙන්ම සේවයට නොපැමිණෙන නිලධාරීන් සම්බන්ධයෙන් කාර්ය පටිපාටික රීතීන්හි 15 පරිච්ඡේදයේ විධිවිධාන අනුව තනතුර අතහැර ගියා සේ සළකා කටයුතු කිරීමට සිදු වන බව ද තැපැල්පතිවරයා එම නිවේදයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබුණා.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











