ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ඉන්ධන වල මිල ගණන් අඩු කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 368ක් දක්වා රුපියල් 03කින් පහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 420ක් වනවා.
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 333ක්.
එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 377ක් දක්වා රුපියල් 09කින් පහළ දමා තිබෙනවා.
භූමිතෙල් මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 215ක්.
එමෙන්ම මෙම මිල ගණන් වලට සමාන ලෙස ලංකා අයි. ඕ. සී. සමාගමත් ඉන්ධන මිල අඩු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලයේ සංචාරයකට සැරසෙයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය අඛණ්ඩව
- පාකිස්ථානයේ ඒඩ්ස් රෝගය ඉහළට
- විශේෂ රථවාහන සැලැස්මක් අද සිට
- වියළි කාලගුණය නිමකරමින් ප්‍රදේශ කිහිපයකට වැසි
- ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
- ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් අයෙක් අල්ලයි
- කෝටි 22ක් වටිනා කොකේන් සහ මත්පෙති සමග සැකකාරියක් අත්අඩංගුවට













