කිලෝග්‍රෑම් 50කින් යුත් සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මෙම මිල ඉහළ දැමීම ජුනි මස 7 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සිමෙන්ති කිලෝ 50 කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබෙනවා.
කෙසේ වෙතත් සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමුවද සිල්ලර මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති බවයි සිමෙන්ති සමාගම් පවසන්නේ.
නිෂ්පාදන වියදම් ඉහළ යාම හේතුවෙන් මෙලෙස සිමෙන්ති තොග මිල ඉහළ දැමීමට සිදුවන බවද අදාළ සමාගම් පවසනවා.