එක්දින තරග දෙකක් සහ විස්සයි විස්ස තරග තුනක් සඳහා සහභාගිවීම සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම හෙට(22) දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
එම සංචාරය සඳහා එක්වන ශ්රී ලංකා සංචිතය මේ වන විට ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ප්රකාශයට පත් කර තිබෙනවා.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට පැතුම් නිශ්ශංක, නිෂාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්රම ඇතුළත් වනවා.
එසේම නුවනිඳු ප්රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, දුනිත් වෙල්ලාගේටද කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබෙනවා.
සෙසු ක්රීඩකයන් හය දෙනා වන්නේ මිලාන් රත්නායක, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්රනාන්දු, දුෂ්මන්ත චමීර සහ ඩිල්ෂාන් මධුසංකයි.
තරගාවලයේ එක්දින තරග දෙක අගෝස්තු මස 29 වැනිදා සහ 31 වැනිදා පැවැත්වීමට නියමිත අතර විස්ස විස්ස තරගාවලිය සැප්තැම්බර් 3 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.
තරගාවලියේ සියලුම තරග හරාරේ නුවරදී පැවැත්වීමට නියමිතයි.