සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
සිම්බාබ්වේ හරාරේ හිදී පැවැත්වෙන තරගාවලියට එක්දින තරග 2 ක් සහ 20 යි 20 තරග තුනක් ඇතුළත්.
පළමු එක්දින තරගය ලබන 29 වැනිදා පැවැත්වෙන අතර දෙවැනි තරගය ලබන 31 වැනිදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
එමෙන්ම 20 යි 20 පළමු තරගය ලබන සැප්තැම්බර් පළමුවැනිදා පැවැත්වෙනවා.
එහි දෙවැනි තරගය ලබන සැප්තැම්බර් 6 වැනිදා සහ තෙවැනි තරගය සැප්තැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිතයි.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එක්දින තරගාවලියට අදාළ ශ්‍රී ලංකා සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වනවා.