සිම්බාබ්වේ කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ, පළමු තරගයෙන් කඩුළු 04ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
හරරේහී පැවති මෙම තරගයේ, කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කලේ.
ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 175ක්.
බ්‍රයන් බෙනට් ලකුණු 81යි . නායක සිකන්ඩර් රසා ලකුණු 28 ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දුශ්මන්ත චමීර කඩුළු 3ක් දවා ගැනීමටයි සමත්වුනේ.
ඉන් අනතුරුව ලකුණු 176 ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 06ක් පමණක් දැවී සිටියදි ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.
එහිදී පැතුම් නිස්සංක ලකුණු 55 ක් කුසල් මෙන්ඩිස් ලකුණු 38 ක් සහ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 41 ක් ද ලබා ගැනීමටයි සමත් වුනේ.
තරගයේ වීරයා සම්මානය හිමි වුනේ කමිඳු මෙන්ඩිස් හටයි