සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය මේ වන විට රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරනය කළා.
ඒ අනුව පන්දුවට පහරදීමට බංග්ලාදේශ ක්‍රිකට් කන්ඩායම මේ වන විට පිටියට පැමිණ සිටිනවා.
පළමු විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමම අද දිනයේද ක්‍රීඩා කරන අතර බංග්ලාදේශ කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකර තිබෙනවා.
ඒ අනුව මැදපෙළට මොහොමඩ් නයිම් වෙනුවට ජේකර අලි ඇතුළත් කර තිබෙනවා.
එසේම වේග පන්දු යවන්නන් වන මුස්තාෆිසුර් රහ්මාන් සහ ෂොරිෆුල් ඉස්ලාම් ද කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.
කණ්ඩායමෙන් ඉවත්ව ඇත්තේ ටන්සිම් හසන් සහ ටස්ක්මින් අහමඩ්ය.