2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද පැවැත් වීමට නියමිතව තිබෙනවා.
ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය මෙයයි.
ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ඉන්දීය කණ්ඩායම ලකුණු 59 කින් ජයගත්තා.
දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක්දින ජාත්‍යන්තර තරග ගණන 11 ක්.
එම තරග 11ම ජයගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවයි.