රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජය යටතේ සෑම පාසල් දරුවෙකුටම නිල ඇදුම් සහ දිවා ආහාරය ලබා දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
කෙසේ වෙතත් එහිදි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසුවේ එම රජය සමයේ පාසල් සිසුන්ට නිල ඇදුම් ලබා දුන්නද සෑම පාසැල් සිසුවෙකුටම දිවා ආහාරය ලබා නොදුන් බවයි.