Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සැරයන් ඝාතනය: හිමිනම ඇතුළු 19 දෙසැම්බර් 8 දක්වා යළි රිමාන්ඩ්

    සැරයන් ඝාතනය: හිමිනම ඇතුළු 19 දෙසැම්බර් 8 දක්වා යළි රිමාන්ඩ්

    සැක කාන්තාවක් විදේශ ගතවීමේ සැලසුමක්
    2022-11-24කියවීමට මිනිත්තු 3ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වන අලි ප්‍රාහාරයකින් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ගිය කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට පොලු මුගුරු වලින් තදබල ලෙස පහරදී එක් පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින විහාරාධිපති හිමිනමක සහ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 19 දෙනා ඇප මත මුදා හැරීම කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා අද යළි ප්‍රතික්ෂේප කළා.

    ඒ අනුව සියළු සැකකරුවන් දෙසැම්බර් මස 8 වන දින දක්වා තවදුටරත් රිමාන්ඩ් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ.

    මෙම අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබ පලා ගොස් සිටින කාන්තාවකට විදේශ ගතවීම වලකාලමින් ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග නිකුත් කල මහේස්ත්‍රාත්වරයා බන්ධනාගර ගත කර සිටින සියළු සැකකරුවන්ගෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවැසි විධි විධාන පොලිසියට සලසා දෙන ලෙසට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාටද නියෝග කර තිබෙනවා.

    තවදුරටත් මෙලෙස රිමාන්ඩ් කලේ මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර සිටින මදුසංක පුෂ්ප කුමාර නොහොත් මධූ, එච් එම් ගයාන් බුද්ධික හේරත්, යුධ හමුදාවේ හිටපු සෙබළෙකු වන අමිත් සංජීව ජිනසේන, චරිත් කුමාර නොහොත් චන්ඩි, මහේෂ් කුමාර, සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙකු වන මහින්ද කුලරත්න, කැබිතිගොල්ලෑව රඔකැපුවැව බෝධි රුක්ඛාරාමාධිපති නාවෙල ධම්ම විභාවි හිමි, මහේෂ් සත්සර විමලසිරි, නිශාන්ත කුමාර සේනාරත්න, දිනේෂ් දේවප්‍රිය, වසන්ත දිසානායක, කේ කරුණාසිරි, සමන් නන්දික සේනාරත්න, ඉරේෂ් ඒකනායක, ගයාන් සම්පත් ප්‍රේමසිරි, වසන්ත වනසිංහ, රුවන් සිරිසේන, ඒ ධනපාල සහ නයනා චම්පිකා දිසානායක යන අයයි.

    මෙම සියළු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ නීති විරෝධී රැස්වීමක සාමාජිකයින්ව සිටිමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර එම පොලිස් නිලධාරීන්ට පහරදී සුළු සහ බරපතල තුවාල සිදු කිරීම, පොලිස් නිලධාරීන් ඉටු කිරීමට ගිය රාජකාරිය වලක්වාලීම එම රාජකාරියට සාපරාධ බලහත්කාරය පෑම, පොලිස් නිලධාරියෙකුට පහරදී බරපතල තුවාල සිදු කර එම පොලිස් නිලධාරියා ඝාතනය කිරීම, පදවිය කැබිතිගොල්ලෑව අනුරාධපුර ප්‍රධාන මාර්ගය රඔකපුවැව හංදියෙන් වසා දමා ටයර් පුළුස්සා එම මාර්ගයට අනර්ථය සිදු කිරීම යන චෝදනා යටතේ ලංකා දන්ඩ නීති සංග්‍රහයේ වගන්ති ප්‍රකාරවයි.

    ආශ්‍රීත පුවත්:  වංචනිකයන් පිරිසක් ගැන පොලිසියෙන් නිවේදනයක්

    මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දක්වමින් මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර් එම් අයි ජී රත්නායක (විමර්ශන බාර නව ප්‍රධානී) මහතා කියා සිටියේ අපරාධයට අදාළ විමර්ශන අඛන්ඩව ක්‍රියාත්මක බවයි.

    පොලිස් සැරයන්වරයා ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් කාන්තාවක් රඔකැපුවැව ප්‍රදේශයෙක් පලා ගොස් විදේශ ගත වීමේ සූදානමින් කොළඔ ප්‍රදේශයේ රැදී සිටින බවට තොරතුරු ඇති බවද අධිකරණයට කරුණු දක්වා සිටියා.

    එම නිසා අදාළ සැකකාරියට විදේශ ගතවීම වලකාලමින් ආගමන විගමන පාලකරවරයාට තහනම් නියෝග නිකුත් කරන ලෙසයි ඉලා සිය්ටියේ.

    මෙම අපරාධය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින සියළු සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය විධිධාන සලසා දෙන ලෙසට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටියා.

    පැමිණිල්ල වෙනුවෙන් මැදවච්චිය පොලිසියේ ස්නාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර් එම් අයි ජී රත්නායක මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන රංග සුජීව, අජිත් දිසානායක, සජීව ගුණරත්න සහ මහේෂ් කොටුවැල්ල යන මහත්වරුන් පෙනී සිටියා.

    කැබිතිගොල්ලෑව කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ සෘජු අධීක්ෂණයෙන්, මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර් එම් අයි ජී රත්නායක මහතාගේ මෙහෙයවීම මත විශේෂ පොලිස් කන්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    (අනුරාධපුර අධිකරණ – උපාලි ආනන්ද)

    eliphant Kabithigollawa murder police unrest
    පෙර පුව​තදුමින්ද නිදහස් කළාට කරුණු දක්වන්නැයි ගෝඨාභයට නොතීසි
    ඊළඟ පුව​ත රැකියා ඒජන්සි 13ක බලපත්‍ර අත්හිටුවයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group