අධිවේගී මාර්ගයන් හි ධාවනය වන සැහැල්ලු වාහනවල පසුපස ආසනවල ගමන් ගන්නා පුද්ගලයින් ආසනපටි පැලදීම අද (1) සිට අනිවාර්ය වනවා.
අද සිට ඒ පිළිබද විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව පොලීසිය සඳහන් කළා
එමෙන්ම එළැඹෙන සැප්තැම්බර් මස 1වනදා සිට අධිවේගී මාර්ගයන්හී ගමන්ගන්නා මගී බස්රථවල සියලු මගීන් ද ආසනපටි පැළදීම අනිවාර්ය කිරීමට ජාතික ගමනානමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.